වාද්දුව සුදුවැලිමංකඩ ප්‍රදේශයේදී ලොරි රථයක් සහ බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයකි.
අනතුරින් තුවාල ලැබූ 16 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබේ.
බස් රථය කළුතර සිට පානදුර දෙසට ගමන් කරමින් තිබියදී පසුපසින් පැමිණි ලොරි රථය බස් රථයේ පසුපස ගැටී මෙම අනතුර සිදුව ඇත.
ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාද්දුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.
0 Comments