දින කිහිපයකට පසුව ඊයේ (20) දිනයේ දි මෙරටින් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,793ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඊයේ දිනයේ දී කාන්තාවන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතව මියගොස් ඇති අතර ඉන් එක් අයෙකු වයස අවුරුදු 60 ඉක්මවු කාන්තාවක් බව සඳහන් ය.
අනෙක් කාන්තාව වයස අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ඊයේ දිනයේ දි කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 671, 522ක් වේ.
ඊයේ දිනයේ වාර්තා වු සියලු ආසාදිතයින් මෙරටින් හඳුනාගත් පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.


0 Comments