විදුලි බිල නොගෙවීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැති නවීන් දිසානායකගේ කොළඹ හත ප්‍රදේශයේ පිහිටි නිවසේ විදුලිය විසන්ධි කිරීමට පැමිණි ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් කිහිප දෙනෙකුට ඊයේ (23) උදෑසන පහරදීමක් සිදුව ඇති බව වාර්තා විය.
හිටපු ඇමැතිවරයාගේ නිවසට පැමිණි මෙම සේවකයන් සඳහන් කර ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක හිඟ මුදලක් විදුලි බල මණ්ඩලයට නියමිත දිනයට නොගෙවීම හේතුවෙන් නිවසේ විදුලිය විසන්ධි කිරීමට පැමිණි බවය.
විදුලිය විසන්ධි කිරීමට පැමිණි බව පැවසූ විට එයට උරණ වූ හිටපු ඇමැතිවරයා තමන්ට පහර දුන් බවට මෙම සේවකයන් පවසා සිටි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අප නවීන් දිසානායක ගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු පැවසුවේ තම නිවසේ විදුලිය විසන්ධි කිරීමට පැමිණි සේවකයන් පිරිසට තමා නියමිත දිනට විදුලි බිල ගෙවන බව පැහැදිලි කරදුන් බවය.
එහිදි ඔවුන් සමග යම් බහින්බස්වීමක් ඇති වුවත් එය කිසිසේත්ම පහරදීමක් දක්වා වර්ධනය නොවූ බව පැවසු හිටපු ඇමැතිවරයා සේවකයන්ට පහරදුන්නා යැයි ඔවුන් නඟන චෝදනා සියල්ලම අසත්‍ය බවද අරුණට පැවසුවේය.
තම නිවසට සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයක පමණ විදුලි බිලක් ලැබෙන අතර එය නියමිත දිනයට ගෙවීමට කටයුතු කරන බවද හිටපු ඇමැතිවරයා කීය. රුපියල් ලක්ෂ දෙකක මුදලක් හිඟ වීමට කිසිදු ඉඩක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

0 Comments