ලංකාවේ දැල්පන්දු ලෝකයෙන් ඉහළට...

 



අන්තර්ජාතික දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්හි 16 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණිමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත්වී ඇත.

අද එළිදැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම්හි මෙය සටහන්ව ඇත

මේ අනුව පසුගිය අගෝස්තු මස 19 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව මෙම නවතම ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 3 ක් ඉදිරියට පැමිණීටම සමත්වී තිබීම විශේෂත්වයකි.

මේ අනුව ආසියානු කලාපයෙ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම පසුවන රට වන්නේද ශ්‍රී ලංකාවයි. පසුගිය සැප්තැම්බර් මසදී පැවති ආසියානු දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීම මෙම ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට ඉදිරියට පැමිණීමට ප්‍රධාන හේතුවක් වී ඇත.

Post a Comment

0 Comments