තොටලඟ කලුවා අත්අඩංගුවට...

 



සොරකම් රැසකට අවශ්‍ය කර සිටී ” තොටලග කලුවා” ,නමැත්තා සමග සොර බඩු මිලදී ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුරු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.

ඉකුත් මාස හතරක පමණ කාලය තුළදී කඳාන හා ජා-ඇළ ප්‍රදේශවල නිවාස වලට ඇතුළු වී මෙම සොරකම් සිදුකර තිබූ බව පොලිසිය පැවසීය.

” තොටලග කළුවා” නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම නිවාසවලින් සොරාගත් පාපැදි තුනක් , ලැප්ටොප් පරිගණක යන්ත්‍ර තුනක් , ගෑස් සිලින්ඩර තුනක් , විශාල ප්‍රමාණයේ පිත්තල පහනක් ,ජංගම දුරකථන තුනක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සදහන් කරයි.

සියලුම දේපල තොටලග ප්‍රදේශයේ පුද්ගලයෙකුට ඉතා අඩු මුදලට විකුණා තිබේ දී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

තොටලග කලුවා නමැත්තා තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවකු වූවෙකු බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

සැකකරුවන් දෙදෙනා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Post a Comment

0 Comments