සමාජ මාධ්‍යයට වාරණයක්...

 


සමාජ මාධ්‍යවලට වාරණයක් පැනවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාල පාර්ලිමේන්තුවේදී පැවැසීය. අයවැය විවාදයට අද (24දා) පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

” මාධ්‍යයට සදාචාරයක් තිබිය යුතුයි. මාධ්‍ය මේ රටේ බලය අත්පත් කර ගන්න හදනවනම් කොහෙද මේ රටේ නීතියක්. සමාජ මාධ්‍ය ජාල වලට වරණයක් පැනවිය යුතුයි. කාන්තාවන්ගේ නමින් තිබෙන්නේ පිරිමින්ගේ ගිණුම්. පිරිමින්ගේ නමින් භාවිත වන කාන්තා ගිණුම් තිබෙනවා.

ඕනම කෙනෙක් මේ සමාජ ජාලය තුළ නිරුවත් කරන්න මෙ අය සැදි පැහැදී ඉන්නවා. ඕනම කෙනෙක්ට එරෙහිව වෛරය වපුරන්න මේ සමාජ මාධ්‍ය ලෑස්ති වෙලා තිබෙනවා.

Post a Comment

0 Comments