රූපලාවන්‍ය ආයතන වලදී කොණ්ඩය කැපීමේ දී පවා HIV වෛරසය වැළඳීමේ හැකියාවක් පවතින බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට පවසයි.
අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.
“සැලූන් එකක කොණ්ඩය කපන කොට වුණත් බ්ල්ඩේ එක මාරු කරන්න ඕනේ පුද්ගලයාගෙන් පුද්ගලයාට. HIV වෛරසය බෝවෙන එක ක්‍රමයක් තමා හම කඩතොලුවීමක් තුළින් ඒ විෂබීජ ඇතුළුවීම. ඒ වගේ ක්‍රියාවලියක් සිදුවෙන හැමවෙලාවකම ඒ පිළිබඳ නියම ප්‍රමිතීන් අනුව කරන්න ඕනේ. ඒක සමහරවිට අපේ කොණ්ඩය කැපීම තුළත් ඒක වෙන්න පුළුවන්. ඒ නිසා එකම උපකරණය භාවිත කරන්නේ නැතිව රෝම ඉවත්කිරීම කරන්න ඕනේ. අනෙක් කාරණය තමා ටැටූ ගහද්දි. එවිට භාවිත කරන ඉදිකටු වෙනස් වෙන්න ඕනේ. ඒ වගෙ ගැටලු තියෙනවා. HIV සහ හෙපටයිටිස් B වැනි රෝග දෙක ඒ වගේ ක්‍රමවලින් බෝවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා නිසි ප්‍රමිතියක් ඇති තැන්වලින් එවැනි දේට යොමුවෙන එක වැදගත්.”
0 Comments