ඇෆ්ගනිස්තාන තරග සංචාරයෙන් හදිසියේ ඉවත් වූ භානුක රාජපක්ෂ වෙනුවට ක්‍රිකට් තේරීම් කමිටුව නුවනිඳු ප්‍රනාන්දු නම් කර තිබෙනවා.
ඒ අනුව නුවනිදු ප්‍රනාන්දු අද (25) කණ්ඩායමට එක්වීමට නියමිත යි.
මේ අතර, පුහුණුවීම් සැසියක් අතර වාරයේ වම් පාදයේ මස් පිඩු ආබාධයකට ලක්වූ ප්‍රමෝද් මධුෂාන් මේ වන විට එම ආබාධය සඳහා ප්‍රතිකාර ලබමින් පසුවනවා.
මේ වන විට ඔහු පුනරුත්ථාපන කටයුතු ආරම්භ කර ඇති අතර ක්‍රිකට් තේරීම් කමිටුව මධුෂාන් වෙනුවට මිලාන් රත්නායක සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

0 Comments