මත්පැන් භාවිතය අඩුයි ආදායම ඉහළයි...
November 26, 2022
මධ්‍යසාර භාවිතය අඩුවී ඇතත් පසුගිය මාස 10ක කාලය තුළ සුරාබදු ආදායම සියයට 20 කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
මධ්‍යසාර බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමට ගත් තීරණය හේතුවෙන් මෙම සුරාබදු ආදායම ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
2016 වසරේ අයවැය යෝජනාවක් අනුව හඳුන්වාදුන් මෙම ආරක්ෂිත ස්ටිකරය මගින් ව්‍යාජ මධ්‍යසාර භාවිතය දැඩි ලෙස වැළකි ඇති බව පෙන්වාදෙන රාජ්‍ය අමාත්‍යවරයා අදාළ ස්ටිකරය මත රහස් සලකුණු රැසක් සටහන් කර ඇති බවද පැවසීය.
එම ස්ටිකරය ව්‍යාජ දැයි හදුනාගැනීම සඳහා වන උපකරණ සුරාබදු දෙපාර්තමේන්තුව සතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
0 Comments