බලය බෙදන්න කැමතිදැයි රනිල් පාර්ලිමේන්තුවේ දී අහයි...

 


අද(23) පැවැති අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලය බෙදීම සම්බන්ධයෙන් සියලු පක්ෂ සමග සාකච්ජා කිරීමට සූදානම් බව පාර්ලමේන්තුවට දැනුම් දුන්නේය.

එහිදී ජනාධිපතිවරයා පක්ෂ නියෝජිතයන්ගේ නම්වලින් ආමන්ත්‍රණය කරමින් බලය බෙදීමට පක්ෂදැයි විමසා සිටීමට පියවර ගත්තේය.

සුලු පක්ෂ නියෝජිතයන් ඊට කැමැත්ත ප්‍රකාශ කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ද බලය බෙදීමට සියලු දෙනා එකග බව සදහන් කර සිටියේය.

කෙසේවෙතත් මෙහිදී කිරිඇල්ල පොහොට්ටුවේ ප්‍රධානීන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් සහ අගමැති දිනේෂ් ගුණවර්ධනගෙන් බලය බෙදීමට එකගදැයි විමසා සිටි අතර ඔවුන් අදහස් පළ නොකර සිටීමත් සමඟ කිරිඇල්ල මත්‍රීවරයා පැවසුවේ මොවුන් කිසි දිනෙක බලය බෙදා හැරීමට කැමැත්ත නොදැක්වූ කණ්ඩායමක් බවයි.

Post a Comment

0 Comments