අධිවේගී පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී මෝටර් රථයක ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි අතුරුගිරිය රථවාහන අනු පාලක මධ්‍යස්ථානය පවසයි.
මෝටර් රථය ගාල්ල දෙස සිට කඩවත දෙසට ධාවනය වීමේ දී අතුරුගිරිය පිවිසුම පසුකර යාමේදී මෝටර් රථයේ ඉදිරිපසින් දුමක් හටගෙන ඇති අතර රියැදුරු සහ එහි වම් පස අසුනේ සිටි පුද්ගලයා මෝටර් රථය මාර්ගයේ වම්පස පස නවතා එයින් බැස දිව ගොස් තිබූ බව පොලිසිය පවසයි.
මද වේලාවකට මෝටර් රථයේ ඉන්ධන ටැංකිය පිපිරිමක් සමගම ගිනි ජාලාවකින් මෝටර් රථය සම්පූර්ණයෙන්ම ගින්නෙන් වැසී යන්නට වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ගින්න හට ගැනීමත් සමඟම පොලිස් විශේෂ කාර්ය බලකා ගිනි නිවන භටයන් එම ස්ථානයට පැමිණිය ද ඒ වන විටත් මෝටර් රථය සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී තිබූ බව පොලීසිය සඳහන් කරයි.
කාර්මික දෝෂයක් ගින්නට හේතුව වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
අතුරුගිරිය රථවාහන අනු පාලක මධ්‍යස්ථානය පරීක්ෂණ පවත්වයි.

0 Comments