පාසල් ළමුන් සඳහා ලබාදෙන දිවා ආහාරවල ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් කලාප හා කොට්ඨාස කාර්යල මගින් පරීක්ෂා කරමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට දිවයින පුරා 7,000කට වැඩි පාසල් සංඛ්‍යාවක මෙම දිවා ආහාර ලබාදෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි එහි සෞඛ්‍ය හා පෝෂණ අංශය භාර අතිරේක ලේකම් මහින්ද එස්. යාපා පැවසුවේ.
මේ අතර, වත්මන් පෝෂණ ඌණතා තත්ත්වය කුඩා දරුවන්ගේ දන්ත සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල කර ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ දන්ත වෛද්‍ය සොනාලි රණතුංග පවසයි.

0 Comments