දුම්රිය මැදිරියක් ගිනිගෙන දැවෙයි...

 


දුම්රිය මැදිරියක අද (25) හදිසියේ ඇතිවු ගින්නකින් එම දුම්රිය මැදිරිය විනාශ වී තිබේ.

රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ වායුසමීරණය කළ රුමේනියම් දුම්රිය මැදිරියක් එලෙස ගිනිගෙන විනාශ වූ බව වාර්තා වෙයි.

මෙම මැදිරිය වැල්ඩින් කරමින් තිබියදී සුළඟ සමඟ ගිනිගත් බවත් එම සුළු ගිනිදැල්වීමෙන් සම්පූර්ණ මැදිරිය ගිනිගෙන දැවුණු බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

Post a Comment

0 Comments