සාරිය ගැලවූ ගුරුවරුනට වැඩ වරදී.. සියළු විදුහල්පතිවරුන්ගෙන් වාර්තා කැදවයි..

 


සාරිය හා ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම් වලින් සැරසී පාසැල් පැමිණි ගුරුවරියන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වාර්තාවක් කැඳවා තිබේ.

එම ගුරුවරියන් පාසල් පැමිණීමේ දී අඳින ලද පිළිවෙල විසින් ගුරු වෘත්තියේ ගෞරවය ආරක්ෂා වන පිලිවෙල මග හැරුණේ ද යන්න මෙහිදී සොයා සොයා බලනු ලබයි.

ඒ අනුව ඒ පිළිබඳව වහාම වාර්තාවක් ලබා දෙන්නැයි පාසැල් වල විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුනට උපදෙස් ලබාදී තිබේ.

සිසුන් ඉදිරියේ ගුරු භූමිකාවේ ගෞරවය ආරක්ෂා වන ලෙස කටයුතු කිරීමට සෑම ගුරුවරයකුටම වගකීමක් පවතින බවත් එසේ තිබිය දී තමන් කැමති ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට හැකියාවක් නොමැති බවද අමාත්‍යංශය කියා සිටියි.

Post a Comment

0 Comments