මැතිවරණය පැවැත්වෙන දිනය මැ.කො. කියයි…

 


පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සැප්තැම්බර් මස 20 වන දිනෙන් පසුව මැතිවරණ කොමිසම් සභාව ට නීතිමය බලතල හිමි වු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥය නිමල් පුංචිහේවා මහතා පැවසිය.

නිතිඥ නිමල් පුංචිහේවා මහතා ඒ බැව් කියා සිටියේ යෝජිත මැතිවරණ නිති ප්‍රතිසංස්කරණ ජනගත කිරිමේ සම්මන්ත්‍රණය (02) දින නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්චර්ය ශාලාවේ පැවති අවස්තාවේදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කිරීම සිදුකල කාලයද ඇතුළත්ව නිල කාලය 2023 මාර්තු 20 දින අවසන් වන බවත් පෙන්වා දුන් සභාපතිවරයා තව දුරටත් සදහන් කලේ නීතිමය ගැටලු ඇති නොවුණොත් නිසි පරිදි මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිසම් සභාවේ අපේක්ෂාව බවය.

යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභා යෝජනා විධිමත්ව ක්‍රියාවට නැගීම සඳහා නිර්මිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී (02) පැවැති දැනුවත් කිරීමේ වැඩමුළුවේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

පලාත් පාලන ආයතනවල මිට පෙර පැවැති සමස්ත සභිකයන් ප්‍රමාණය 4917 ක් වුවත් වර්තමාන ක්‍රමය මත පළාත් පාලන සභිකයන් 8911 සිටින බව දැක්වු සභාපතිවරයා සදහන් කලේ එය අඩු කිරීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත්වි ඇති බවය.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක, නුවරඑළිය නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ලහිරු කලුම්පිටිය මහතා ඇතුලු නුවරඑලිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් , මාධ්‍යවේදින් ඇතුළු විශාල පිරිසක් මෙම සම්මන්ත්‍රණයට සහභාගි විය.

Post a Comment

0 Comments