ආරක්ෂක හේතූන් මත එක්සත් ජනපද ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගැනීමට සැරසෙන බව වාර්තා වේ.
ඒ අනුව ඇමෙරිකාව මෙලෙස අලෙවිකිරීම තහනම් කිරීමට සැරසෙන්නේ Huawei, ZTE, Hytera Communications Corp , Hangzhou Hikvision Digital Technology Co සහ Zhejiang Dahua Technology Co යන සමාගම්වල ජංගම දුරකථන සහ තාක්ෂණික උපකරණයි.
අදාළ සමාගම්වල නිෂ්පාදන සම්බන්ධයෙන් අමෙරිකාවේ ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලය විසින් විශේෂ අධ්‍යයනයක් සිදුකර ඇති අතර එම අධ්‍යයනයේ නිර්දේශ මත අදාළ තීරණය ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
2015 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලය තුළ අමෙරිකාව විසින් මිලදීගෙන තිබූ අදාළ සමාගම්වල නිෂ්පාදන 1,681ක් ආශ්‍රිතව මෙම විශේෂ අධ්‍යයනය සිදුකර තිබේ.
0 Comments