අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහත දමයි...




ලංකා සතොස අද (23) සිට භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ.

මෙලෙස මිල පහත දමා ඇත්තේ සුදු සීනි, තිරිඟු පිටි, සුදු ලූනු සහ ලොකු ලූනු මිල ‌වේ.

ඒ අනුව,
සුදු සීනි මිල රුපියල් 9කින්
තිරිඟු පිටි මිල රුපියල් 14කින්
සුදු ලූනු මිල රුපියල් 30කින්
ලොකු ලූනු මිල රුපියල් 43කින් පහළ දැමීමට තීරණය කර ඇත.

අද සිට ක්‍රියාත්මක වන මෙම මිල පහළ දැමීමත් සමඟ සුදු සීනි කිලෝවක් රුපියල් 229කට, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 265කට, සුදු ලූනු කිලෝවක් රුපියල් 495කට, ලොකු ලූනු කිලෝවක් රුපියල් 255කට සතොස හරහා මිලදීගත හැක.

Post a Comment

0 Comments