ගුරුවරියෝ පහසු ඇඳුමක් ඉල්ලති...

 



සාරිය හෝ ඔසරිය වෙනුවට වෙනත් පහසු ඇඳුමකින් සැරසීමෙන් ගුරුවරියන්ට කාර්යක්ෂම ලෙස කටයුතු කළ හැකි හෙයින් රජයේ නිලධාරීන්ගේ ඇඳුමට අදාළව නිකුත් කර තිබෙන චක්‍රලේඛය ගුරුවරියන්ටත් අදාළ කර ගැනීමට පියවර ගන්නා ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහගෙන් ඊයේ (31 වැනිදා) ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

පින්ලන්තය වැනි දියුණු අධ්‍යාපනයක් සහිත රටවල ගුරුවරියන්ගේ ඇඳුම නිරීක්ෂණය කිරීමෙන් ඒ බව පැහැදිලි වන බව පවසන එම සංගමය ලිඛිත ඉල්ලීමේ මෙසේද සඳහන් කර ඇත.

රජයේ නිලධාරිනියන්ට රාජකාරියේ නිරත වීමේදී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී සිටීමට අවස්ථාව සලසා දී තිබේ. එහෙත් එම චක්‍රලේඛයේ විධිවිධාන පාසල් ගුරුවරියන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවේ. ඔවුන් සාරියකින් හෝ ඔසරියකින් පමණක් සැරසිය යුතුය.

මේ දිනවල පවතින දැඩි ආර්ථික පීඩනය හමුවේ ඉහළ මිලක් ගෙවමින් සාරි මිල දී ගැනීමට සිදු වීම බරපතළ ගැටලුකාරී තත්ත්වයකි. එසේම පවතින ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් බොහෝ ගුරුවරියෝ පාපැදි හෝ යතුරු පැදි භාවිත කරමින් පාසල් වෙත පැමිණෙති.

Post a Comment

0 Comments