කුෂාන්ගේ පැටිකිරිය එළියට...

 



මේ වනවිට සේවයෙන් ඉවත්කර ඇතැයි සඳහන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා වන ඊ. කේ කුෂාන් මීට පෙර ද මූල්‍ය වංචාවන්ට ද හසු වී ඇති බවට තොරතුරු ලැබී තිබේ.

ඊයේ (22) පැවති රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දී මේ බව අනාවරණය වුණි.

විගණකාධිපති, ඩබ්. පී. සී. වික්‍රමරත්න – “මේ නිලධාරියාට විරුද්ධව හිටපු සභාපති ඉන්ටර්නල් ඔඩිට් එක ලවා පරීක්ෂණයක් කරන්න කියලා තියෙනවා 2022.01.28 වනදා. මේ අය මුකුත් කරලා නෑ. ඊට පස්සේ මේ නිලධාරියා දිගින් දිගටම ගොඩක් මුදල් වංචාවන්ට හසුවෙලා තියෙනවා. සහතික වංචා කිරීමේ වරදකට අහුවෙලා තියෙනවා. කිසිම පියවරක් අරන් නෑ…”

විදේශ සේවා කාර්යාංශයේ නිලධාරියා – “ඔබතුමා කිව්වා වගේ ඒ නිලධාරියාට එරෙහිව කාන්තාවන් දෙදෙනෙක් කාර්යාංශයට පැමිණිලි කළා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් කාර්යාංශය අභ්‍යන්තර විගණන අංශය යොදවලා පරීක්ෂණයක් කළා. ඒ පරීක්ෂණයේ දී තහවුරු වුණේ නෑ. මොකද ඒ කාන්තාවෝ කියලා තිබුණේ මෙහෙම වෙනවා කිව්වා මිසක් ඒක පරීක්ෂණයේ දී තහවුරු වුණේ නෑ. අපි කාර්යාංශය මගින් ඒ නිලධාරියාගේ වැඩතහනම් කිරීමට කටයුතු කළා. ඊට අමතරව කාර්යාංශය මගින් අභ්‍යන්තර විමර්ශනයකුත් ආරම්භ කරලා තියෙනවා.”

විගණකාධිපති, ඩබ්. පී. සී. වික්‍රමරත්න – “විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ තමා ලේකම්ට මේ ලියුම යොමුකරලා තියෙන්නේ. මෙයා වින්දිතයින්ට බලපෑම් කරන්න පුළුවන් ඒ නිසා ගෙන්වන්න කියලා. අද වෙනතුරු සිද්ධිය ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඔස්සේ යනකල් ඔය නිලධාරියාගේ අඩුම ගානේ වැඩතහනම් කළේ නෑනේ. ඊට කලින් මේ නිලධාරියා වැරදි කිහිපයක් කරලා තියෙනවා. කිසිම පියවරක් අරන් නෑ.”

Post a Comment

0 Comments