ගාල්ලේ අක්මීමණ රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ගැටුමක් ඇතිව තිබේ.
එම ගැටුමෙන් 14දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ආරංචි මාර්ග සදහන් කරයි.
ඊයේ (26) රාත්‍රීයේ මෙම ගැටුම හටගෙන තිබේ .
මෙලෙස ඇතුළත් කර ඇත්තේ විද්‍යා පීඨයේ නේවාසිකව ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.
තුවාල ලැබූ සිසුන් පවසන්නේ මීට පෙර එම පීඨයේ අධ්‍යාපනය හදාරා දැනට සීමාවාසික පුහුණු ගුරුවරුන් ලෙස පාසල්වලට අනුයුක්ත කර සිටින පිරිසක් හදිසියේ ම නේවාසිකාගාරයට පැමිණ තමන්ට පහරදුන් බවයි.
කොරෝනා සහ ආර්ථික අර්බුදය හේතුවෙන් විද්‍යා පීඨය වසා දමා තිබිය දී ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදුකළ බැවින් නවකවදය දීමට නොහැකි වූ බැවින් ඒ සඳහා පැමිණි බව පවසමින් මේ ගැටුම ඇතිකරගත් බව ද තුවාල ලැබූ සිසුන් පවසයි.
0 Comments