ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මොරොක්කෝව සමඟ පැවති තරගය පරාජයට පත්වීමත් සමඟ බෙල්ජියමේ නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.
පාපන්දු ලෝලීන් විශාල පිරිසක් බ්‍රසල්ස් අගනුවර වෙළඳසැල්වලට හානි කර ගිණිකෙළි දල්වා විසි කරමින් වාහනවලට ගිනි තබා ඇති බවයි වාර්තාවන්නේ.
ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එහිදී පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
කටාරයේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මොරොක්කෝව සමඟ අද අලුයම පැවති තරගයේදී ගෝල දෙකට බින්දුවක් ලෙස බෙල්ජියම පරාජයට පත්වුණා.
0 Comments