රුපියල් බිලියන ගණනක මුදල් වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව සමඟ සම්බන්ධකම් පැවැත් වූ රංගන ශිල්පිනියන් දෙදෙනකු සොයා ගැනීමට නොහැකි තත්වයක් උදාවී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ ප්‍රවීණ චිත්‍රපට නිළියක් හා රංගන ශිල්පිනියක මෙසේ පරීක්ෂණ මගහරිමින් සිටින බවය.
පොලිසිව මග හරිමින් සිටින මොවුන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අවශ්‍ය පියවර ගන්නා බවද දෙපාර්තමේන්තුව කියා සිටී.
මොවුන් තිළිණි ප‍්‍රියමාලි සමඟ සමීප සබඳකම් පවත්වා ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.
0 Comments