2022 නොවැම්බර් 23 දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කිහිපයක ආනයන තහනම ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනය අනුව ට්‍රන්ක පෙට්ටි, සූට් කේස්, බ්‍රීෆ් කේස්, ඇස් කණ්නාඩි කවර, හෑන්ඩ් බෑග් ශීතකරණ, වායු සමීකරණ, රෙදි සෝදන යන්ත්‍ර සහ තිරිංග පෑඩ් වැනි ණ්ඩ රැසක් නැවතත් ආනය කිරීමේ නිදහස හිමිවේ.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් පත්‍රයට අත්සන් තබා තිබේ.
ගැසට් පත්‍රයට අනුව, තෝරාගත් HS කේත මගින් වර්ගීකරණය කරන ලද භාණ්ඩ ආනයනය කිරීමට ආනයන අපනයන පාලක ජනරාල්වරයාගේ පූර්ව අනුමැතියට යටත්ව අවසර දෙන බව දැක්වෙයි.

0 Comments