පාලත් කිහිපයකට තද වැසි...

 



දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද පෙරවරු කාලයේදී වැසි ඇතිවිය හැකි බවය.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Post a Comment

0 Comments