පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ බංග්ලාදේශය පරාජයට පත් කරමින් කඩුළු 5 ක තියුණු ජයක් ලැබීමට පාකිස්ථාන කණ්ඩායම අද සමත් විය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 127ක් පමණීයි.
බංග්ලාදේශය වෙනුවෙන් නජුමුල් හුසේයින් ලකුණු 54ක් රැස්කර ගැනීමට සමත් විය.
ඊට හතරේ පහර 7ක් ඇතුළත් වේ.
අෆීෆ් හුසෙයින් නොදැවී ලකුණු 24යි.
පන්දු යැවීමේදී පාකිස්ථානය වෙනුවෙන් කඩුළු 4ක් දවා ගැනීමට ෂහීන් ෂා අෆ්රිඩි සමත් විය.
අනතුරුව පිටියට පැමිණි පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවකදී කඩුළු 5ක් දැවී ලකුණු 128ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.
පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 32 ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 2ක් ද සමගිනි.
මොහොමඩ් හාරිස් ලකුණු 31 ලබාගත්තේ දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහරක් ද සමගිනි.
නායක බාබර් අසාම් ලකුණු 25යි.
ඒ අනුව පාකිස්ථාන කණ්ඩායම ප්‍රසාද ලකුණු 6ක් ලබාගනිමින් පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්විය.
0 Comments