ලෝක පාපන්දු පිටියේ කටාර් රාජ්‍යට එරෙහිව ඉක්වදෝරය ජය ගනියි...

 



2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරක කටාර් රාජ්‍යට එරෙහිව පැවති තරගය ඉක්වදෝරය ජය ගත්තේ ය.

තරගයේ 16 වන මිනිත්තුවේදී ඉක්වදෝරය සිය පළමු ගෝලය වාර්තා කළ අතර ඔවුන් සිය දෙවන ගෝලය රැස් කළේ තරගයේ 31වන මිනිත්තුවේදී ය.

ඒ අනුව පළමු අර්ධයේදී ගෝල 2ට 0ක් ලෙස ඉක්වදෝරය තරගයේ පෙරමුණ ගත්තේ ය.

දෙවන අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට හැකි වුණේ නැහැ.

ඒ අනුව ඉක්වදෝරය 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ජය ගත්තේ සත්කාරක කටාර් රාජ්‍ය ගෝල 2ට 0ක් ලෙස පරාජය කරමින් ය.

Post a Comment

0 Comments