භූමිතෙල් බෙදා හැරීමේ දී පවතින ප්‍රමාදය ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජය විසින් පියවර ගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ප්‍රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති තෙන්නකෝන් පවසන්නේ ධීවර ප්‍රජාවගේ ඉන්ධන අවශ්‍යතාවය වෙනුවෙන් අද (23) භුමිතෙල් බවුසර් 74 ක් නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර පෞද්ගලික අංශයේ පිරවුම්හල් 49 ක්, සමූපකාර පිරවුම්හල 18 ක් සහ වෙනත් පිරවුම්හල් 07 කින් ඔවුන් වෙත අඛණ්ඩව භුමිතෙල් බෙදාහැරීම සිදු කරන බවය.
අනුමැතිය ලබා දී ඇති නමුත් මුදල් නොගෙවීම හේතුවෙන් ඊයේ (22) දිනයේ භුමිතෙල් නිකුත් කර නැති සියලුම පිරවුම්හල් වෙත අද (23) දිනයේ දී භුමිතෙල් නිකුත් කිරීමට උපදෙස් දී ඇති බව ද කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

0 Comments