විසදුම් ඇත්තේ මා ලගයි..


පාසල් සිසුන් සදහා සාධනීය පිළිතුරක් ආණ්ඩුවට නැතත් තමා ළඟ ඊට විසදුම් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා ලෙස තමන් අධ්‍යාපන අමාත්‍යවරයාට වඩා වැඩි වැඩ කොටසක් ඉටු කර ඇති බවත් හෙතෙම පැවසීය.

වසර 74ක විපක්ෂය නොකළ කාර්යක් ඉටුකිරීමට තමන්ට හැකි වූ බවත් ‘උනුත් එකයි මුනුත් එකයි’ කියා ඇතැමුන් කියුවද තමා ඇතුලු විපක්ෂය හාත්පසින්ම වෙනස් බවද ඔහු සදහන් කලේය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ සමගි ජනබලවේගයේ දැදිගම ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

Post a Comment

0 Comments