ශ්‍රී ලංකා කාන්තාවන් මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවන් සඳහා යාමේදී ඇතැම් කාන්තාවන්ට ලිංගික ක්‍රියාකාරකම් වල ආරක්ෂිතව යෙදෙන ආකාරය පිළිබඳව විශේෂ පුහුණුවක් ලබාදී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී මේ බව හෙළි කරගෙන තිබේ.
ඔ්මානය ඇතුලු මැද පෙරදිග රටවලට ශ්‍රී ලාංකික කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමක් සම්බන්ධ පුද්ගලයන් විසින් එම පුහුණුවීම් ලබාදී ඇති බව ද හෙළි වී ඇත.
මැදපෙරදිග තම හාම්පුතුන් සමග ආරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන ආකාරය, ඔවුන්ගේ ශරීරය නිවැරදිව සම්භාහනය කරන ආකාරය හා ඔවුන් නිවැරදිව ලිංගිකව සතුටු කරන ආකාරය පිළිබඳව මෙහිදී පුහුණුව ලබා දී ඇත.
මැදපෙරදිග රටවල භාවිතා කරන උපත් පාලන ක්‍රම සම්බන්ධයෙන් ද මෙම පුහුණුව තුළ දී දැනුවත් කර තිබේ.


0 Comments