ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ මූල්‍ය සහනය එළඹෙන ජනවාරියේදී බොහෝදුරට ලබාගතහැකි වනු ඇති බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.
ඒ සමග ශ්‍රී ලංකාවට තවත් මූල්‍ය ප්‍රතිපාදන රැසක් විවෘත වන බව ද ඔහු පැවසීය.
හිටපු මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ “CT- CLSA දකුණු අසියානු ආයෝජන සමුළුව” අමතමින්.
“ඒ කියන්නේ ආදායම් මත පදනම් වූ මූල්‍ය ස්ථාවරත්වය, ඉන්ධන සහ විදුලියට වියදම මත පදනම්වූ මිලක් නියම කිරීම, සමාජ ආරක්ෂණය ශක්තිමත් කරමින් මුදල් හුවමාරු ඉහළ නැංවීම, දත්ත මත පදනම් වූ මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සහ නම්‍යශීලි උද්ධමන අනුපාතයක් පවත්වාගැනීම, තත්ත්වය සමනය වූ විට වෙළෙඳපොළ මත පදනම් වූ විනිමය අනුපාතයක් මත විදේශ සංවිත ගොඩනැගීම, බැංකු පද්ධතිය පිළිබඳ අවධානයෙන් මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම, විනිවිදභාවය සහ නිසි මූල්‍ය කළමනාකරණය තුළින් දූෂණයට ඇති ඉඩකඩ අවුරාලීම සහ ඒ සඳහා මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම ඒ අතර වනවා.”
ඔහු තවදුරටත් පැවසුවේ, “මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සමග අපට තවත් ආකාරයකින් ආරක්ෂණ මූල්‍ය පදනමක් ගොඩනගා ගන්න පුළුවන්. එය අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුත්තක්. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ජපානය ඇතුළු සියල්ල අපට දන්වා තිබෙනවා. මූල්‍ය අරමුදලේ සහතිකය ලැබුණු පසු අපට මූල්‍ය සහාය දෙන්න. ඒ සඳහා අපට මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය සහනය බොහෝදුරට ලබන ජනවාරියේදී ලැබුණු පසු, අපේ බැංකුවලටත් මූල්‍ය ප්‍රතිපාදන සහ ණය අරමුදල් ලබාගන්න පහසු වේවි. දැනට සිඳී පවතින එම මූල්‍ය ප්‍රවාහනයන් සියල්ල මූල්‍ය අරමුදලේ ණය මුදලත් සමග විවෘත වේවි.”
0 Comments