පොලිසියේ 10,000කට උසස්වීම්...

 

පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටින දස දහසකට ආසන්න නිලධාරීන් පිරිසකට කඩිනමින් උසස්වීම් ලබාදීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පැවසීය.


කැබිනට් මණ්ඩලය ඊයේ (19 වැනිදා) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.


වසර ගණනාවක් තිස්සේ උසස්වීම් නොමැතිව සිටි නිලධාරීන් 8312 දෙනෙකුට හා නිලධාරිනියන් 1005 දෙනකුට මෙලෙස උසස්වීම් ලබාදීමට කැබැනට් අනුමැතිය හිමිව තිබේ.

Post a Comment

0 Comments