වසර 23 කට පසු දුම්රියෙන් කොළඹට එළවලු...

 



වසර 23 කට පසු දුම්රියෙන් කොළඹ කොටුවට එළවලු ප්‍රවාහනය කිරිමේ කටයුතු (27) දින පස්වරුවේ ආරම්භ කල බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පැවසිය.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව දුම්රිය දෙපාර්තුමේන්තුවේ වෙළඳ සහ අලෙවි අංශය විසින් දුම්රියෙන් එලවළු ප්‍රවාහනය කිරිම සදහා විශේෂ මැදිරිපහක් සකස් කර ඇත.


නියමු ව්‍යාපෘතියක් වශයෙන් (27) දින පස්වරු 5 ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා එලවළු ප්‍රවාහනය ආරම්භ කල අතර , එම විශේෂ දුම්රිය රාත්‍රි 12 ට කොළඹ කොටුව වෙත ළඟා වීමට නියමිතය.


කොළඹ පිහිටි සුපිරි වෙලඳසැල්වලට සහ මැනිං වෙලඳපොළ වෙත අවශ්‍ය එලවළු තොග එම දුම්රියෙන් ප්‍රවාහනය කල අතර, එම දුම්රියෙන් මගින්ට ගමන් කිරිමට අවස්තාව නොලැබෙන බවත්, සිඝ්‍රගාමි දුම්රියක් ලෙස මෙය ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තුමේන්තුවේ වෙලඳ සහ අලෙවි අංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි වජිර පොල්වත්තේගම කියා සිටියේ.


තවද රටේ පවතින ඉන්ධන අර්බුධයට මේ තුලින් විසදුමක් ලැබෙන බවත්, මෙම ව්‍යාපෘතියේ පවතින අඩුපාඩුකම් සොයා බලා ලබන වසරේ මුල් මාසයේ සිට මෙම දුම්රිය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි නියෝජ්‍ය සමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ.


උඩරට ප්‍රදේශයේ වගා කරන එලවළු , මල් සහ පලතුරු මෙම විශේෂ දුම්රිය මගින් ප්‍රවාහනය කිරිමට බලාපොරොත්තු වන බවත්, නුවරඑලියට අමතරව බණ්ඩාරවෙල ,වැලිමඩ යන ප්‍රදේශවල වගා කරන එලවළු , පලතුරු සහ මල් ප්‍රවාහනය කිරිමටත් ,නානුඔය දුම්රිය ස්ථානයේ සිට සැම දුම්රිය ස්ථානයකටම ප්‍රවාහන සදහා භාර දෙන එලවළු ,පලතුරු සහ මල් මෙම දුම්රිය මගින් ප්‍රවාහනය කිරිමට පියවර ගන්නා බව

නානුඔය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ජානක විරසිංහ පැවසිය.


තවද කොළඹ කොටුව සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවනය කරන අවස්තාවල ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිමට අපෙක්ෂා කරන බවද දුම්රිය ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.


ලොරි රථ වලින් එලවළු ප්‍රවාහනය කරනවාට වඩා දුම්රියෙන් එලවළු ප්‍රවාහනයකිරිම පහසු බවත්, ලබන වසරේ මුල් මාසයේ සිට දුම්රිය මගින් එලවළු ප්‍රවාහනය අඛණ්ඩව සිදු කරන බවයි සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි කියා සිටියේ.

Post a Comment

0 Comments