ලබන සඳුදා (26දා) රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරීම නිසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට 26වැනිදා වේලාවක් ලැබී ඇති සියලු අයදුම්කරුවන් සඳහා එම සතියේ ඉතිරි දින හතරේ දිනයක් සහ වේලාවක් වෙන්කර ඇති බව ආගමන විගමන පාලකවරයා පවසයි.
එම නිසා 2022.12.26 සඳුදා දින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාල වලට පැමිණීමෙන් වලකින ලෙස නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සදහන් කරයි.
එම වෙන්කර ඇති දින සහ වේලාව පහතින්දැක් වේ.

0 Comments