වළගම්බා රජුගේ කඩුව ලක්ෂ 40කට විකුණන්න යයි...

 

මහියංගන රක්ෂිත ප්‍රදේශයක ගල්ලෙනක තිබූ වළගම්බා රජ්ජුරුවන්ට අයත් බව කියන පෞරාණික වටිනාකමින් යුත් අසිපතක් රුපියල් ලක්ෂ 40 මුදලකට විකිණීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් එම අසිපත සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය පවසයි.


අසිපත අල්ලන කොටස මකරෙකුගේ රුව කින් සමන්විත අතර, එහි දිග අඟල් 23ක් වන අතර බර ග්‍රෑම් 750ක් බව පොලිසිය සඳහන් කරයි.


එම ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාරට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් ගැනුම්කරුවන්සේ වෙස් වලාගෙන මහියංගන පබහින්න ප්‍රදේශයට ගොස් සැකකරුවන් දෙදෙනා එම අසිපත සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


එම අසිපත සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවක් කැඳවීමටද නියමිතයි.


අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 23 ක් වන බණ්ඩාරවෙල පදිංචිකරුවන් ය.


සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එම නඩු භාණ්ඩ සමඟ සමනල වැව පොලිසිය වෙත භාරදී ඇති අතර පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පරීක්ෂණ පවත්වයි.

Post a Comment

0 Comments