විවිධ වර්ගයේ මැණික් කැට 116 ක් අඩංගු පාර්සලයක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරුබොක්ක සහ පයාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බව පොලීසිය පවසයි.
පසුගිය 21 වැනිදා දෙහිවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු කොළඹ සිට දෙයියන්දර බලා ධාවනය වූ බසයක ගමන් කරමින් සිටියදී පයාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඔහුගේ ගමන් මල්ලේ තිබූ පාර්සල් කිහිපයක් සොරකම් කර තිබේ.
එලෙස සොරකම් කළ පාර්සල් අතර රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාකමකින් යුත් මැණික් කැට 116 ක් බහා තිබූ පොලිතින් කවරයක් තිබී ඇති බව පොලීසිය සදහන් කරයි.
එම පොලිතින් කවරයේ මැණික් ගල් තිබෙන බව නොදැන සොරා විසින් පාර්සලය බස් රථයේ තබා බේරුවල ප්‍රදේශයෙන් බැසගොස් තිබේ.
අනතුරුව කොන්දොස්තරවරයා පාර්සලය රැගෙන පරීක්ෂා කිරීමේදී එහි මැණික් ගල් තිබෙන බව දැන එය රැගෙන ගොස් සිය නිවසේ අල්මාරියේ සගවා තිබී සොයාගත් බවද පොලිසිය කීය.
සොරකම අසුවේයැයි බියෙන් බසයේ ආරක්ෂක කැමරා පද්ධතිය පුළුස්සා තිබූ බවද වැටලීමට එක්වූ නිලධාරීයෙක් පැවසීය.
සොරකම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමේදී බස් රථය බේරුවල නගරයේ නතර කිරීමෙන් පසු සොරකම් සිදුකල පළමු සැකකරු කලබලයෙන් බසයෙන් බැස පාර්සලය නොමැතිව අසල තිබූ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත දිවයන අයුරු නිරීක්ෂණය වීමෙන් පසු කොන්දොස්තරවරයා ගැන සැකපලකර පරීක්ෂණ සිදුකළ බව වැටලීමට එක්වූ නිලධාරීයෙක් කීය.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

0 Comments