මෙරට දුම්රිය හරස් මාර්ගවල සීනුනාද වර්ණ සංඥා (බෙල් ඇන්ඩ් ලයිට් ) සහිත හරස් මාර්ග හැටකට ආසන්න සංඛ්‍යාවක්ම අනාරක්ෂිත ත්ත්ත්වයේ පවතින බව දුම්රිය සංඥා උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු චින්තක ජයසේකර පැවසීය.
මේ ආකාරයෙන් බෙල් ඇන්ඩ් ලයිට් සංඥා හාරසිය තිහක් පවතින නමුත් ඉන් සංඥා යන්ත්‍ර හැටකට ආසන්න සංඛ්‍යාවක්ම කැඩී ගොස් තිබෙන බවද ප්‍රධාන ඉංජිනේරුවරයා කීවේය.
මුහුදු බඩ මාර්ගයේ හා පුත්තලම් මාර්ගයේ හරස් මාර්ග විශාල සංඛ්‍යාවක මෙම අවදානම් තත්ත්වය පවතින බවත් දුම්රිය සේවකයන් යොදවා ප්‍රායෝගිකව සංඥා කිරීම් මගින් දුම්රිය ධාවනය කරලීමට කටයුතු කර සිටින බවත් හෙතෙම කීවේය.
එමෙන්ම මෙම අබලන් සංඥා ප්‍රතිසංස්කරණය කිරීමට හා සංඥා පද්ධතිය නවීකරණය කිරීමේ කටයුතු ද සිදුවෙමින් පවතින බවද කීවේය.
එමෙන්ම ප්‍රධාන මාර්ගය ඇතුළු දුම්රිය මාර්ගවල සංඥා දෝෂ වාර්තා වීම වැඩිවශයෙන් සිදුවන්නේ කුඩුකාරයන් සංඥා කේබල් කැපීමෙන් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින් කඩාකප්පල්කාරින් අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිසියට උපදෙස් දී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කළේය.
මේ අතර ඊයේ උදෑසන ද මරදාන හා දෙමටගොඩ දුම්රිය ස්ථාන අසල සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ධාවනය සැලකිය යුතු කාලයකට අඩාළ වී තිබිණි.


0 Comments