මේ වසරේ මී උණ රෝගීන් 6504ක්...

 

මේ වසර තුළ මි උණ රෝගීන් හයදස් පන්සිය හතරදෙනෙකු (6504) වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.


එමෙන්ම මේ වසරේ මේ දක්වා කාලය තුළ මී උණ වැලඳීමෙන් පුද්ගලයන් අසූවකට වැඩි පිරිසක් මියගොස් ඇති බවට ද වාර්තා වෙයි.


හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, මොනරාගල යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් මී උණ රෝගීන් වාර්තා වී ඇති අතර මේ වසරේ නොවැම්බර් මාසයේදි පමණක් මී උණ රෝගීන් නවසිය හැට දෙදෙනෙකු වාර්තා වී ඇත.


වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව එක්දහස් අනූහතරකි.


මෙම වයිරසය බැක්ටීරියාවක් මගින් බෝවන අතර මීයන්, ගවයන්, සුනඛයන්ගේ මල මූත්‍රා ජලය සමග මිශ්‍ර වීමෙන් මෙය මිනිසුන්ට ශරීරග ත විය හැකිය.


වගාකටයුතුවලට යොමුවන පුද්ගලයන් මඩට බැසීමට පෙර මෙම වයිරසය ආසාදිත වීමෙන් වැළකී සිටීම සඳහා රජයෙන් ලබාදෙන ප්‍රතිජිවක ඖෂධ ලබා ගැනීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.


එම ප්‍රති ජීවක ඖෂධ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් සහ මහජන සෞඛ්‍ය නිලධාරිවරයාගෙන් ලබා ගැනීමට හැකිය.


එම නිසා ඒ පිළිබඳ වැඩි අවධානය යොමු කිරීම වැදගත් බවද වගා කටයුතුවල නිරතවන ජනතාවට සෞඛ්‍ය අංශ දැනුම් දීමක් කරයි.

Post a Comment

0 Comments