අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 800ක්...

 

අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරී පුරප්පාඩු 800 ක් පමණ පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.


අමාත්‍යවරයා සදහන් කළේ එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සදහා ඉතා ඉක්මනින් විභාගයක් පවත්වන බවයි.


එමෙන්ම රජයේ නව විශ්‍රාම ප්‍රතිපත්තිය මත දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාම ලබාගන්නා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ පුරප්පාඩු සදහා සුදුස්සන් පත්කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments