පොලිස් කතට ලිංගික බලපෑම් කළ සෙබළෙකු අත්අඩංගුවට...

 


මාවනැල්ල පොලිස් ස්ථානයේ දී කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික බලපෑම් කළ බව කියන සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ උස්සාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඔහු යුද හමුදා සෙබළෙකු බව අනාවරණ වී ඇත.

පොලිස් ස්ථානයට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විවිධ අසභ්‍ය වචන කියමින් තමන්ට ලිංගික ප්‍රහාරයක් එල්ල කළ බවට කාන්තා පොලිස් කොස්තාපල්වරිය පොලිසියට පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ලට අනුව කාන්තා කොස්තාපල්වරිය චෝදනා කර තිබෙන්නේ, තමන් පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටිය දී එක් අයකු තමා පිළිබඳ අනෙක් පුද්ගලයා සමඟ ඉතා පිළිකුල් සහගත ලෙස කතා කළ බවයි.

සැකකරු මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරු සමඟ පැමිණි අනෙක් පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බව පොලිසිය පවසයි.

Post a Comment

0 Comments