දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයේ පරීක්ෂණ ගැන පොලීසියෙන් නිවේදනයක්

 

දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් නොකඩවා පොලිස් පරීක්ෂණ සිදුකරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසයි.


අද (23) කොළඹ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවසීය. 


මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නිහාල් තල්දූව මහතා පැවසුවේ අභිරහස් ලෙස සිදුවු ඝාතනයක් හේතුවෙන් නිවැරදි සැකකරු සොයාගැනීම සඳහා යම්කිසි කාලයක් අවශ්‍ය බවය.


දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (22) දිනයේදී ද ප්‍රකාශ 58ක් සටහන් කර ගත් බවත් එම ප්‍රකාශ අනුව ද පරීක්ෂණ කටයුතු සිදු කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

Post a Comment

0 Comments