කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ අගරදගුරු ධුරයෙන් විශ්‍රාම යාමට සූදානම් බව දන්වා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ලිපියක් යොමුකර ඇත.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 75 ඉක්මවූ පසු අගරදගුරු හිමිපාණන් කෙනෙක් තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව දැන්වීම සිරිතකි.
ඒ අනුව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ ද මේ බව පාප් වහන්සේට දන්වා ඇත. එලෙස දැන්වූ පසු තවදුරටත් අගරදගුරු හිමිපාණන් එම තනතුරේ තබාගන්නවාද නැද්ද යන්න එහිදී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් තීරණය කරනු ලබයි.
මෙම තනතුරේ වෙනසක් වුවද මැල්කම් රංජිත් හිමිපාණන්ගේ කාදිනල් ධුරයේ කිසිදු වෙනසක් සිදුනොවනු ඇත.

0 Comments