2022 පාපන්දු ලෝක කුසලානය දිනා ගත් ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක ලියනෝල් මෙසී මේ වන විට ලෝකයේ ම අවධානයට පත්ව සිටී.
මේ අතර, ඉන්ස්ටග්‍රෑම්හි ඔහු පළ කළ ඡායාරූපයක් මේ වන විට ලෝක වාර්තාවක් තබා තිබේ.
එම ඡායාරූපය වන්නේ, ලියනෝල් මෙසී පාපන්දු ලෝක කුසලානය ඔසවාගෙන සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයකි.
එය පළ කර ඇත්තේ, 19 වන දා ය.
මේ වන විට ඊට ලැබී ඇති ලයික්ස් සංඛ්‍යාව මිලියන 58 ඉක්මවා තිබේ.
මීට පෙර වැඩි ම ලයික්ස් සංඛ්‍යාවට හිමිකම් කී ‘The egg’ ඡායාරූපයට ලැබී තිබෙන ලයික්ස් සංඛ්‍යාව මිලියන 56කි.


0 Comments