දුනිත්ගේ ඉනිම ගැන චරිත්ගෙන් ප්‍රකාශයක්...

 



ඇෆ්ගනිස්ථානයට එරෙහිව අවසන් තරඟය ජයගනිමින් තරඟාවලිය සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවූයේ අවශ්‍ය මොහොතේ, අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු ලෙස දුනිත් වෙල්ලාලගේ ලබාදුන් සහය හේතුවෙන් බව චරිත් අසලංක ප්‍රකාශ කළා. ඒ ඊයේ තරඟයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

තරගය නැරඹීමට පැමිණි සිටි ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සැමරුවේ ප්‍රීති ඝෝෂා කරමින්.

එහි දී ඔවුන් දුනිත් වෙල්ලාගේගේ පිතිකරණය ඇඟයීමට ලක්කරා.

ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඊයේ පැවති තරඟයේ වීරයා සම්මානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු චරිත් අසලංක ප්‍රකාශ කළේ තරඟය ජයග්‍රහණය කිරීම සඳහා තමන් ඉල්ලූ සහය දුනිත් වෙල්ලාලගේ සාර්ථකය ඉටු කළ බවයි

Post a Comment

0 Comments