මෙරටට පැමිණෙන සහ මෙරටින් පිටවන ගුවන් මගීන්ට දැනුම්දීමක්...

 

ගුවන් ගමනකදී මගීන් විසින් සම්පූර්ණ කළයුතු "පැමිණිමේ සහ පිටවීමේ කාඩ්පත" මාර්ගගත ක්‍රමයට (Online) සිදුකිරීම සඳහා ජනවාරි මස 01 වනදා සිට අවස්ථාව හිමිවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.


ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පැවසුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශකයින්ට හා මෙරටින් පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට එම කාඩ්පත් සම්පූර්ණ කිරීම සදහා www.immigration.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සිදුකිරීමේ හැකියාව පවතින බවයි.


යම් පුද්ගලයෙක් ගුවන් ගතවිමට නියමිත දින 03කට පෙර සිට එම කාඩ්පත පිරවීමට අදාළ පහසුකම් සැපයෙන බව ඔහු පැවසීය.


ගුවන්තොටුපොළේදී ඇති වන අපහසුතා මග හරවා ගනිමින් මගීන්ට එම කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමට අවස්ථාව සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පෙන්වා දෙයි.

Post a Comment

0 Comments