ලක්ෂ ගණක් වටිනා සුදු හඳුන් සමග සැකකරුවෙක් අත්අඩංගුවට...

 




ලක්ෂ 04 කට අධික වටිනාකමක් ඇති සුදු හඳුන් සන්තකයේ තබා ගත් සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අක්කරපත්තුව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට ක අම්පාර පොලිස් වසමේ අම්පාර – නුවර පාරේ, 02 කණුව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී සුදු හදුන් දැව කැබලි කිලෝ ග්‍රෑම් 17 ක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 80 ක ගොනාගොල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්පාර අඩවි වන කාර්යාලය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සුදු හඳුන් දැව වල වටිනාකම ලක්ෂ 04 කට අධික වේ.

Post a Comment

0 Comments