ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙක් බට සොරකමකට හසුවෙයි...

 

රුපියල් 250,000ක් පමණ වටිනා GI බට සොරකම් කිරිමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ සහ ඔහුගේ සහෝදරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


ප්‍රජා ජල ව්‍යාපෘතියක් සඳහා රැගෙනආ GI බට 11ක් ඊයේ (28) රාත්‍රියේ සොරකම් කර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සභාපතිවරයා සහ ඔහුගේ සහෝදරයාව අද (29) උදෑසන බෙලිඅත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.


සැකකරුවන් තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මස 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.

Post a Comment

0 Comments