ශ්‍රී ලංකාව සමග තරගාවලියට එන ඉන්දීය සංචිතය නම් කෙරේ...

 

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියේ ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට හිමිවී ඇත.


විස්සයි විස්ස තරගාවලියේදී අත්දැකීම් සහිත ක්‍රීඩකයින් වන විරාත් කෝලි, රෝහිත් ෂර්මා හා කේ.එල්. රාහුල් විවේක ගන්වා ඇති අතර සංචිතයේ උප නායකත්වය ප්‍රහාරාත්මක පිතිකරු සූර්යකුමාර් යාදව්ට හිමිව තිබේ.


කඩුළු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර ඒ් වෙනුවට ප්‍රහාරාත්මක පිතිකරු ඉෂාන් කිෂාන් නැවතත් කණ්ඩායමට කැඳවා ඇත.


එමෙන්ම විස්සයි විස්ස සංචිතයට රුටුරාජ් ගායික්වාද්, සංජු සැම්සන්, උම්රාන් මලික්, ෂිවම් මාව, මුකේෂ් කුමාර් වැනි ක්‍රීඩකයින්ද ඇතුලත්ව ඇත.


මේ අතර එක්දින සංචිතයට විරාත් කෝලි හා කේ.එල්. රාහුල් ඇතුලත්ව ඇති අතර ආරම්භක පිතිකරු ෂිකර් ධවාන් හා රිෂාබ් පාන්ට් කණ්ඩායමෙන් ඉවත් කර ඇත. 


එක්දින තරගාවලියේ නායකත්වය රෝහිත් ෂර්මාට හිමිවද්දී උපනායකත්වය හිමිවී ඇත්තේ හර්දික් පාණ්ඩ්‍යාටයි.


විස්සයි විස්ස ඉන්දීය සංචිතය


හර්දික් පාණ්ඩ්‍යා (නායක), ඉෂාන් කිෂාන්, රුටුරාජ් ගායික්වාද්, ෂුබ්මාන් ගිල්, සූර්යකුමාර් යාදව් (උපනායක), දීපක් හූඩා, රාහුල් ත්‍රිපාති, සංජු සැම්සන්, වොෂිංටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චහාල්, ආක්සාර් පටෙල්, අර්ෂ්දීප් සිං, හර්ෂාල් පටෙල්, උම්රාන් මලික්, ෂිවම් මාවි, මුකේෂ් කුමාර්



ඒක්දින ඉන්දීය සංචිතය


රෝහිත් ෂර්මා (නායක), ෂුබ්මාන් ගිල්, විරාත් කෝලි, සූර්යකුමාර් යාදව්, ෂ්‍රෙයාස් අයියර්, කේ.ඒල්. රාහුල්, ඉෂාන් කිෂාන්, හර්දික් පාණ්ඩ්‍යා (උපනායක), වොෂිංටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චහාල්, කුල්දීප් යාදව්, ආක්සාර් පටෙල්, මොහොමඩ් ෂාමි, මොහොමඩ් සිරාජ්, උම්රාන් මලික්, අර්ෂ්දීප් සිං

Post a Comment

0 Comments