සොරාට ප්‍රදේශවාසීන් දුන් දඬුවම...

 

මිනුවන්ගොඩ ප්‍රදේශයේ කාලයක් තිස්සේ සොරකමේ ගිය පුද්ගලයෙක් ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන මිනුවන්ගොඩ පොලීසියට භාරදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන යිබේ 


මෙම පුද්ගලයා විසින් මිනුවන්ගොඩ, යටියන, පීල්ලවත්ත ප්‍රදේශයේ නිවසකට පැන සොරකම් කිරීමට යාමේදී  ඊයේ (28) රාත්‍රීයේ මෙම සිදුවීම සිදුව ඇත.


අදාළ පුද්ගලයා මිනුවන්ගොඩ කටුවැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට වාර්තා වෙයි.


මෙම පුද්ගලයා අල්ලා ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී තියුණු ආයුද කිහිපයක්ද තිබී සොයාගෙන ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment

0 Comments