සිල්වර් ස්ප්‍රිට් කොළඹට...

 



සිල්වර් ස්ප්‍රිට් (Silver Spirit) අධිසුඛෝපභෝගී මගී නෞකාව ඊයේ (23) දින කොළඹ වරායට සේන්දු වී තිබේ.


මෙය ඊයේ දින කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව එළඹෙන සැප්තැම්බර් 26 වන දා ත්‍රිකුණාමලය වරාය වෙත යාත්‍රා කිරීමට නියමිතය.


මගීන් 648 ක උපරිම ධාරිතාවයකින් යුුතු මෙම නෞකාවෙන් පැමිණෙන මගීන් හට මෙකී කාලසීමාව තුළ දී කොළඹ නගරය, කැලණි විහාරය ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීම සඳහා සැලසුම් කර ඇත.


සිල්වර් ස්ප්‍රිට් යනු 2022 වසරේ දී එයිට්කන් ස්පෙන්ස් හි සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලාංකීය තොටුපළක නැංගුරම් දමනු ලබන සිව්වැනි මගී නෞකාවයි.

Post a Comment

0 Comments