කොළ ඇපල්වලින් රතු එළියක්...

 

වෙළෙඳ පොළේ කොළ ඇපල් කිලෝවක මිල රුපියල් 2000 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


සුපිරි වෙළෙඳසල්වල පසුගිය දිනවලදී කොළ ඇපල් කිලෝවක් අලෙවි කෙරුණේ රුපියල් 2400 කට වන අතර,නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සමය බැවින් ඇතැම් සුපිරි වෙළෙඳසල් විසින් කොළ ඇපල් කිලෝවක මිල රුපියල් 1990 ක් දක්වා අඩුකර තිබේ.


පිටකොටුව බස් නැවතුම් පොළේ පලතුරු වෙළෙඳසල්වල ග්‍රෑම් 75 ක් පමණ බරැති,පලුදු සහිත ඇපල් ගෙඩියක් අලෙවි කෙරෙන්නේද රුපියල් 100 කටය.


ආනයනික දොඩම් කිලෝවක් රුපියල් 990 ක් වන අතර,ටී.ජේ.සී. අඹ කිලෝවක මිලද රුපියල් 700 ක් පමණ වේ. එමෙන්ම මිදි ග්‍රෑම් 100 ක් අලෙවි කෙරෙන්නේද රුපියල් 250 ත් 300 ත් අතර මිලකටය.


ආනයනික පලතුරු මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් පලතුරු වෙළෙඳාම විශාල ලෙස අඩුවී ඇතැයි පලතුරු වෙළෙන්දෝ කියා සිටිති.

Post a Comment

0 Comments